About

අපි ගැන

ශ්‍රි ලංකාවේ මිලියන 6 කට අධික ලාංකික තරුණ තරුණියන්ගේ අයිතීන් වෙනුවෙන් කටයුතු කරන්නා වූ එකම ප්‍රගතිශීලී තරුණ සංවිධානය සමාජවාදී තරුණ සංගමයයි. එය  මාක්ස් ලෙනින්වාදය හා කොමියුනිස්ට්වාදය පදනම් කරගත් ලංකාවේ විශාලතම වමේ දේශපාලන පක‍ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ තරුණ අංශයයි. රැකියා විරහිත තරුණ තරුණියන්ගේ අයිතීන් වෙනුවෙන්ද, තාරුණ්‍යයේ අධ්‍යාපන අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන්ද, තරුණ බහුතරයකගෙන් යුත් දේශපාලන සිරකරුවන් යළි පදිංචි කරවීම වෙනුවෙන්ද. මත් ද්‍රව්‍ය හා ඒඩ්ස් වැනි සමාජ ව්‍යවසනයන්ගෙන් තරුණ පරපුර ගලවා ගැනීම වෙනුවෙන්ද සමාජවාදී තරුණ සංගමය අඛණ්ඩ අරගලයක නිරතව සිටී.

2007 ඔක්තෝම්බර් 07 වන දින පැවති දෙවන ජාතික සමුළුව සමඟින් යලි උපන් සමාජවාදී තරුණ සංගමය අද වන විට දේශපාලන, කලා, ජාතික සමඟිය, ජාත්‍යන්තර සහයෝගීතාව යන බොහෝමයක් ක්ෂේත්‍රයන්හීදි ලංකාවේ ප්‍රමුඛතම තරුණ සංවිධනය බවට පත්ව ඇත. ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මෙලනයේ සාමාජික රටක් ලෙසද සමාජවාදී තරුණ සංගමය අධිරාජ්‍යවාදයට එරෙහිව සමාජවාදී තේමාව යටතේ ලාංකීය තරුණ පරපුුර බලමුළු ගන්වනු ලබයි.