සමාජ මාධ්‍ය ජාලා සක්‍රිය නොකළහොත් ආණ්ඩුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා – එරංග ගුණසේකර

ආණ්ඩුව විසින් ෆේබුක් තාවකාලිකව කළ තහනම එරෙහිව පසුගිය මාර්තු 10 වැනිදා සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත් වූ මාධ්‍යහමුවේ දී එහි ජාතික සංවිධායක එරංග ගුණසේක සහෝදරයා විසින් කළ කථාව

“පසුගිය කාලයේ මහනුවර ප්‍රදේශයේ ඇතිවූ සිදුවීම් නිසා ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් තහනමට ලක්කළා. ජාතිවාදී ප්‍රවණතාවය කියන්නේ ලංකාවේත් ලෝකයේත් ඉතාම අඩු මුදලකින් මිලදී ගතහැකි හා වැඩිම විනාශයක් කළ හැකි ආයුධයක්. මහනුවර ඇතිවූ සිදුවීම් හුදකලා සිදුවීමක් නොවේ. පසුගිය ආණ්ඩුව කාලයේදීත් වර්තමාන ආණ්ඩුව කාලයේදීත් සිදුවූ කි්‍රයාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස තමයි එම සිදුවීම ඇතිවුණේ. මේ ආණ්ඩුව ප්‍රධාන වශයෙන් කී්‍රඩාවන් දෙකක් කළා. පළමුවැන්න තමයි, මේ ආණ්ඩුව පරණ හොරු එකකත් අලූත් හොරු එක්කත් සෙල්ලම් කිරීම. දෙවැනි එක තමයි සිංහල, මුස්ලිම් ජාතිවාදය සමග සෙල්ලම් කිරීම. ඒ අනුව අද මුළු රටම ජාතිවාදී පෙට්‍රල්වලින් තෙත් වෙලා තිඛෙනවා. මේ වනවිට මහනුවර සිදුවීම යම් තරමකට සමනය වීමක් සිදුවෙලා තිඛෙනවා. නමුත් අපි විශ්වාස කළ යුතු නැහැ, එයින් මෙම ජාතිවාදී ප්‍රවණතාවයන් නතර වෙයි කියලා. මොකද ආණ්ඩුව කරන සෙල්ලමත් එක්ක ජාතිවාදී ප්‍රවණතාවයන් මතුවීම නතර වෙයි කියලා කියන්න බැහැ.
සමාජවාදී තරුණ සංගමයත් අප නියෝජනය කරන දේශපාලන පක‍ෂයත් රටේ ජාතික සමගිය ඇතිකිරීම වෙනුවෙන් අඛණ්ඩව පෙනී ඉන්නවා. අපි දිගින් දිගටම මේ ආණ්ඩුවලට බලපෑම් කළා ජාතිවාදී ප්‍රවණතාවයන් ඇතිවීම වැළැක්වීමට කි්‍රයාමාර්ග ගන්නා ලෙස. නමුත් ආණ්ඩුව මේ කිසිවක් අවධානයට ගත්තේ නැහැ. පහුගිය කාලයේ කාන්තා යට ඇඳුම්වල වඳකිරීමට අදාළ විවිධ ද්‍රව්‍ය තිඛෙනවා කියලා සමාජ මාධ්‍ය ජාලා තුළ විශාල ප්‍රචාරයක් දියත් කළා. සිංහල ජනතාව වඳ කරන්න කුමන්ත්‍රණයක් තියෙනවා කියලා කතා පැතිරුණා. එවැනි දේවල් පිළිබඳව ආණ්ඩුව කිසිිදු කි්‍රයාමාර්ගයක් ගත්තේ නැහැ. එවැනි ව්‍යාජ ප්‍රකාශ ප්‍රචාරය කිරීම වැළැක්වීමට. අම්පාර සිදුවීම සමාජ මාධ්‍ය ජාලා තුළ දැඩි විවේචනයට ලක්වුණා. අම්පාර සිදුවීමට එරෙහිව සමාජ ජාලා තුළ ඇතිකළ විරුද්ධ මතය නිසා එය පරාජය කරන්න හැකි වුණා. නමුත් ආණ්ඩුව ඒ වෙනුවෙන් කිසිවක් කළේ නැහැ. වඳ පෙති කියලා දෙයක් නැහැ කියලා වෛද්‍යවරුන්ගේ ප්‍රකාශ උපුටලා දැක්වුවේ, ප්‍රචාරය කළේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්. නමුත් ආණ්ඩුව නිල ප්‍රකාශයක් ඒ වෙනුවෙන් කරන්න අසමත් වුණා. පසුගිය 04වැනිදා තමයි හීනෙන් බයවෙලා වගේ ප්‍රකාශයක් කරලා තිබුණේ.
මේ ඇතිවී තිඛෙන ජාතිවාදී ප්‍රවණතාවයන්වලට සෘජුවම ආණ්ඩුව වගකිව යුතුයි. ජාතිවාදී ප්‍රවණතාවය ඇතිවීම වැළැක්වීමට ගන්නා විසඳුම ෆේස්බුක් තහනම් කිරීම නොවෙයි. රටක අගමැතිවරයෙක්, ජනාධිපතිවරයෙක්, ඇමති මණ්ඩලයක් සිටින්නේ යම් යම් දේවල් තහනම් කිරීමට නොවේ. ඇතිවන අහිතකර දේවල් පාලනය කිරීම සඳහා කි්‍රයාමාර්ග ගැනීමයි ආණ්ඩුවක් විසින් කළ යුත්තේ.
සමාජ මාධ්‍ය තුළ ජාතිවාදය වපුරන පිරිසක් ඉන්නවා. නමුත් සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන වැඩි පිරිසක් ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කරනවා. ඉතාම බාධා මැද ඔවුන් ජාතික සමගිය වෙනුවෙන් තමන්ගේ මත පළ කරනවා. ඒ නිසා ජාතිවාදී සුළු පිරිසක් නිසා සමස්තය ඊට වගකිව යුතු නැහැ. සුළු පිරිසකගේ කි්‍රයාකාරිත්වය නිසා සමාජ මාධ්‍ය අවහිර කළ යුතු නැහැ. ආණ්ඩුව ප්‍රකාශ කළේ පැය 72ක් සඳහා තහනම් කරනවා කියලා. නමුත් අද වන විට දින 07ක් ගතවෙලා තිඛෙනවා. දැන් අවහිරය ඉවත්කර තිඛෙන්නේ වයිබර් සඳහා පමණයි. ආණ්ඩුව අද උත්සාහ කරමින් තිඛෙනවා, සමාජ මාධ්‍ය මහා භයානක යකෙක් බවට පත්කරන්න.
ලෝකයේ තාක‍ෂණය දියුණු වෙමින් තිඛෙනවා. අපේ රටේ අගමැතිවරයා කතා කරමින් සිටින්නේ ඩිජිටල් යුගයක් ගැනයි. නමුත් අද ආණ්ඩුව තාක‍ෂණය වාරණය කරමින් තිඛෙනවා. අද ලෝකයේ න්‍යෂ්ටික තාක‍ෂණය විදුලි උත්පාදනය කිරීමට යොදා ගන්නවා. නමුත් න්‍යෂ්ටික මූලද්‍රව්‍යවලින් මහා විනාශයක් කරන්නත් පුළුවන්. ඇතැම් ඛෙහෙත් වර්ග තිඛෙනවා රෝගීන් සුවපත් කරන්න පුළුවන්. එම ඛෙහෙත්ම ඇතැම් තරුණයින් මත්වීම සඳහාත්, ඇතැම් අය දිවි නසා ගැනීම සඳහාත් භාවිතා කරනවා. ඒ වගේම තමයි කෘමිනාශක. වගාවන් සඳහා යොදා ගන්නත් පුළුවන්. සියදිවි හානිකර ගැනීමටත් යොදා ගන්නත් පුළුවන්. එනිසා මේ සියලූ දේම හොඳ නරක තිඛෙනවා. නරක තිඛෙනවා කියා සියලූ දේවල් තහනම් කිරීම උත්තරයක් නොවෙයි. අයහපත් ප්‍රතිඵල ගෙනෙන කි්‍රයා පාලනය කිරීමට ආණ්ඩුව කි්‍රයාමර්ග ගත යුතුයි. නමුත් මේ ආණ්ඩුව තමන්ගේ ඔටුන්න ගැන හිතමින් සෙල්ලම් කරනවා මිස ගතයුතු කි්‍රයාමාර්ග ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ.
අද අපේ රටේ ලක‍ෂ 56කට අධික ප්‍රමාණයක් ෆේස්බුක් භාවිතා කරනවා. එය හුදෙක් විනෝදය සඳහා පමණක්ම භාවිතා කරන්නක් නොවෙයි. අල්පෙනෙත්තේ සිට සියලූම භාණ්ඩ විකිණීම සඳහා ෆේස්බුක් භාවිතා කරනවා. සුළු පරිමාණ ව්‍යාපාරිකයින් මෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයින්ද තමන්ගේ ව්‍යාපාරික කටයුතු යොදා ගන්නවා. ඒ වගේම අද ලාභම සන්නිවේදන මාධ්‍ය බවට පත්වෙලා තිඛෙන්නේ ෆේස්බුක් සමාජ මාධ්‍යයයි. ඒ හරහා විදෙස්ගත තමන්ගේ නෑදෑ හිතමිතුරන් සමග ඉතා අඩු මුදලකින් සන්නිවේදන කටයුතු කරගන්නවා. එමෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා නව තාක‍ෂණික දැනුම සඳහා ෆේස්බුක් යොදා ගන්නවා. මෙතරම් වැදගත් කටයුතු ගණනාවක් ඉටුකරගැනීමට තිබියදී එක සිදුවීමක් පදනම් කරගනිමින් සියලූ දේ නතර කොට තිඛෙනවා. ජාතිවාදී කරුණ පදනම්කරගෙන සමාජ මාධ්‍ය ජාලා අවහිර කළ ආණ්ඩුව දැන් එයින් වෙනත් වාසි ගන්න හදනවා. දඹුලූ ගිහින් තලගොයි මරන්න හදනවා. මහනුවර සිදුවීම මළ ගෙදරක් කරගෙන බූරුවා ගහන්න ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනවා.
ආණ්ඩුවේ මැති ඇමතිවරු ෆේස්බුක් තහනම අද නතර කරනවා, හෙට නතර කරනවා කියමින් විවිධ ප්‍රකාශ කරනවා. නමුත් මේ ආණ්ඩුවේ කි්‍රයාමාර්ග පිළිබඳව අපිට සත පහක විශ්වාසයක් නැහැ. මේ ආණ්ඩුව පහුගිය කාලයේ කරපු වැඩවලින් හොඳටම නාගෙනයි ඉන්නේ. අපි ආණ්ඩුවට කියනවා තව තවත් නාන්න සූදානම් වෙන්න එපා කියලා. මේ දුර්වල ආණ්ඩුවට ලක‍ෂ 56ක් එක්ක හැප්පෙන්න පුළුවන්කමක් නැහැ. පහුගිය ආණ්ඩුවේ වංචා-දූෂණ හෙළිදරව් කරමින් දූෂණයට එරෙහි මතයක් ගොඩනගමින් වර්තමාන ආණ්ඩුව බලයට පත් කරන්න සමාජ මාධ්‍ය ජාලා විසින් වැඩි කර්යභාරයක් සිදුකළා. එහෙම බලයට ආපු ආණ්ඩුවට ඔවුන්ගේ වැරදි පෙන්වා දෙනකොට, බැඳුම්කර හොරු ගැන කතා කරනකොට, මුදල් ඇමතිට විවේචන එල්ල කරනකොට සමාජ මාධ්‍ය එපා වෙලා තිඛෙනවා. ආණ්ඩුව කළ යුත්තේ ෆේස් බුක් තහනම් කිරීම නොව ජනතාවගෙන් එල්ල වන විවේචනවලට පිළිතුරු දීමයි. එසේ නොකොට මර්දනය කළයුතු නැහැ.
මීට වඩා ශක්තිමත්ව තිබුණු පහුගිය ආණ්ඩුව කාලයේදී පවා සමාජ මාධ්‍ය තුළ තරුණ තරුණියන් කිසිදු බියකින් තොරව තමන්ගේ අදහස් පළ කළා. ඒ නිසා මේ ආණ්ඩුවට අපි අවධාරණය කරනවා, සමාජ මාධ්‍ය අවහිර කරමින් ඔබ අප සමඟ සෙල්ලම් කරන්න හදනවා නම් ආණ්ඩුව සමග හොඳින් සෙල්ලම් කොට ජයගන්න අපි සූදානම් කියලා. ඒ නිසා වෙන වෙන ඩීල් දාන්නේ නැතුව වාරණය කරන්නේ නැතුව වහාම සමාජ මාධ්‍ය ජාලා අවහිරය නතර කරන ලෙස අපි ආණ්ඩුවට බලපෑම් කරනවා. මොකද අද පාට, පක‍ෂ භේදයකින් තොරව විශාල පිරිසක් මේ ආණ්ඩුවට විරෝධය පළ කරමින් තිඛෙනවා. මේ ආණ්ඩුවේ කි්‍රයාමාර්ග දිහා අපි අවධානයෙන් බලාගෙන ඉන්නවා. ඉදිරියේදී මේ කි්‍රයාමාර්ගයට එරෙහි සියලූ දෙනා සමග එක්ව ආණ්ඩුවට එරෙහිව කි්‍රයාමාර්ග ගන්න අපි කටයුතු කරනවා. ඉදිරි දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ජාලා සකිී්‍රය නොකළහොත් මේ ආණ්ඩුවට එරෙහිව දැඩි කි්‍රයාමාර්ග ගන්න අපි සූදානමින් ඉන්නවා.”

සමාජ මාධ්‍ය ජාලා කි්‍රයාකරු රවිනාත් විෙජ්සේකර
“රංජිත් මද්දුමබණ්ඩාර පොලිස් ඇමතිවරයා කියා තිඛෙනවා සමාජ මාධ්‍ය තුළ ජාතිවාදීන් ඉන්නේ 1%ක් තරම් සුළු පිරිසක් කියලා. එසේ නම් 99%ක්ම ජාතිවාදයට එරෙහිවයි සිටින්නේ. එසේ තිබියදී අද ආණ්ඩුවට ෆේස්බුක් අවහිර කිරීම දිගටම කි්‍රයාත්මක කරගන්න වුවමනා වෙලා තිඛෙනවා. මොකද, බැඳුම්කර වංචාව පිළිබඳව පාර්ලිමේන්තුවේ සංවාද වුණාට වැඩිපුර සංවාදයක් ඇතිවුණේ ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළයි. ඒ නිසා මේ ආණ්ඩුව විශාල අපහසුතාවයකට පත්වුණා. ෆේස්බුක් යනු පුරවැසි මාධ්‍යයක්. අනෙක් මාධ්‍යවල ප්‍රචාරය සිදුවන්නේ එක් දිසාවකට පමණයි. එම නිසා එම මාධ්‍යවල ඒකාධිකාරියක් තිඛෙනවා. ඔවුන්ගේ ප්‍රචාරය සම්බන්ධයෙන් ජනතාවට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාවක් නැහැ. නමුත් ෆේස්බුක් තුළ ජනතාවගේ විවෘත සංවාදයක් ඇතිවෙනවා. ඒ මගින් වැරදි තොරතුරක් පළ කළත් නිවැරදි කිරීමක් කරන්න ජනතාවට අවස්ථාවක් තිඛෙනවා. ෆේස්බුක් මගින් ජාතිවාදය පෝෂණය කරන්න කටයුතු කළා කියලා ආණ්ඩුව චෝදනා කළත් එය භාවිතා කරන්නන්ගෙන් 70%-80%ත් අතර ප්‍රමාණයක් ජාතිවාදයට එරෙහිවයි සිය අදහස් පළ කළේ.
දැන් ආණ්ඩුව ෆේස්බුක් භාවිතා කිරීම තහනම් කටයුත්තක් ලෙස හුවා දක්වනවා. නමුත් එය ගැසට් එකක් මගින් තහනම් කරපු දෙයක් නෙවෙයි. භාවිතා කිරීම අවහිර කොට පමණයි තිඛෙන්නේ. එනිසා ෆේස්බුක් භාවිතා කිරීම නීතිවිරෝධී කටයුත්තක් නොවෙයි. ෆේස්බුක් භාවිතා කරමින් ස්වයං රැකියා කරන විශාල පිරිසක් ඉන්නවා. අද එම තරුණ තරුණියන්ගේ ආදායම අහිමි වෙලා තිඛෙනවා. ෆේස්බුක් භාවිතා කිරීමට වෙනත් ක්‍රම භාවිතා කරමින් තිඛෙනවා. එවැනි ක්‍රම මගින් මුලින්ම ෆේස්බුක් භාවිතා කර තිබුණේ අගමැතිවරයා සහ ජනාධිපතිවරයායි. ඔවුන් ජනතාවට ලබා දී තිඛෙන්නේ වැරදි ආදර්ශයක්. ඔවුන් ෆේස්බුක් භාවිතා කරමින් ජනතාව විසින් භාවිත කිරීම අවහිර කොට තිඛෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා, ආණ්ඩුවට එල්ල වෙන විවේචන නිසා ෆේස්බුක් තහනම් කරලා ඊළඟ මැතිවරණයෙන් ජය ලබන්න කල්පනා කරනවා නම් ආණ්ඩුවේ පරාජයට ෆේස්බුක් තහනමම ඇති කියලා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්…
ජාතිවාදී ප්‍රවණතාවයන් මර්දනය කිරීමට නීතිරීති තිඛෙනවා. ජාතිවාදය පැතුරුවා කියලා මේ වෙනකොට කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීම මගින්ම නීති තිඛෙන බව තහවුරු වෙලා තිඛෙනවා. ඒ නිසා ආණ්ඩුව කළ යුත්තේ නීතිය කි්‍රයාත්මක කිරීමයි. පහුගිය කාලයේ මුස්ලිම් ජාතිවාදීන් විසින් මතයක් හදන්න උත්සාහ කළා ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන ගිනි තියනවා කියලා. නමුත් පොලීසිය හෝ ආණ්ඩුව මේ පිළිබඳව නිල ප්‍රකාශයක් කළේ නැහැ. නමුත් මේ පිළිබඳව පොලිස්පතිතුමාගෙන් විමර්ශනයක් කළ විට තමයි දැන ගන්න ලැබුණේ ඇතැම් සිදුවීම් ස්වභාවික කරුණු මත ඇතිවූ ගිනි ගැනීම් කියලා. ඉතින් මෙවැනි කරුණු පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් පොලීසිය හෝ ආණ්ඩුව විසින් සිදු නොකිරීමයි ගැටලූව වෙලා තිඛෙන්නේ. එනිසා නීතිය තමන්ට ඕන විදිහට නමන්නේ නැතිව සාධාරණ ලෙස කි්‍රයාත්මක කරනවා නම් මෙවැනි ප්‍රශ්න විසඳන්න පුළුවන්. එනිසා අපි ආණ්ඩුවට කියනවා තවදුරටත් ජාතිවාදය සමඟ සෙල්ලම් කරන්න එපා කියලා.
ආණ්ඩුව මේ විදිහටම ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන්න හැදුවා. ඒකට ආණ්ඩුව යොදා ගත්තේ ෆුල් ෆේස් හෙල්මට් පැළඳ සොරකම් කරනවා කියලා. නමුත් එම හෙල්මට් භාවිතා කරන්නේ යතුරුපැදි කරුවන්ගේ ආරක‍ෂාවටයි. තහනම වෙලාවේ අපි ආණ්ඩුවෙන් විමසුවේ මහ බැංකුව මංකොල්ල කෑවෙත් ෆුල්ෆේස් හෙල්මට් දාගෙන ඇවිත්ද කියලා.? එම නිසා ආණ්ඩුව කළ යුත්තේ තහනම් කිරීම හෝ වාරණය කිරීම නොවේ. ආණ්ඩුව කළ යුත්තේ වැරදි කි්‍රයා පාලනය කිරීමට කි්‍රයාමාර්ග ගැනීමයි. එසේ නොමැති වුවහොත් බොහෝ දේවල් තහනම් කරන්න සිදුවෙයි.
අපේ රටේ ජාතික සමගිය ඇති කිරීමට පෙළඹවීමක් ඇතිකළ යුත්තේ පාසැල් දරු දැරියන් තුළයි. අපේ රටේ පාසැල් සිංහල, දෙමළ, මුස්ලිම් කියලා වෙන්කර තිඛෙනවා. අපි කියනවා, එහෙම වෙන් කරන එක වහාම නතර කරන්න කියලා. මොකද, පාසැල් යන කාලේ සිටම සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික සමගිය ඇති කිරීමත් සහජීවනයෙන් වැඩ කිරීමත් ඉගැන්විය යුතුයි. සිංහල දරුවන්ට දෙමළ, මුස්ලිම් යාළුවන්ද දෙමළ දරුවන්ට සිංහල මුස්ලිම් යහළුවන්ද මුස්ලිම් දරුවන්ට දෙමළ සිංහල යාළුවන්ද සිටිය යුතු නැද්ද?
සිංහල ජනතාව තමන් ගැන කතා කිරීම හෝ දෙමළ ජනතාව තමන් ගැන කතා කිරීම හෝ මුස්ලිම් ජනතාව තමන් ගැන කතා කිරීම බාධාවක් නොවෙයි. ඔවුන්ට ඒ අයිතිය තිඛෙනවා. නමුත් අද අපේ රටේ ප්‍රශ්නය වී තිඛෙන්නේ කෙනෙකු සිංහල වීම හෝ දෙමළ වීම හෝ මුස්ලිම් වීම නොවෙයි. සියලූ දෙනාටම පොදු ප්‍රශ්න තිඛෙනවා. නමුත් දේශපාලන නායකයින් කරන්නේ ජාතිවාදය පදනම් කර ගනිමින් තමන්ගේ බලය වෙනුවෙන් දේශපාලනය කිරීමයි. ඒක තමයි වෙනස් කළ යුත්තේ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ දෙනාට එක දේශපාලන නායකත්වයක් ඕනෑ නැද්ද? ජාතිවාදය වපුරන දේශපාලන නායකයින්ගේ දුවා දරුවන් කිසිවෙක් ඇතිවෙන විනාශයේ ගොදුරු වෙලා නැහැ. ඒ විනාශයේ ගොදුරු බවට පත්වෙන්නේ සාමාන්‍ය අම්මා තාත්තාගේ දරුවෝ. එනිසා දැන් අලූතෙන් හිතන්න කාලයක් ඇවිත් තිඛෙනවා.
ජාතිවාදය වපුරපු අයගෙන් කඩ ගිනි තියපු අයගෙන් අද අපි අහනවා, එම කි්‍රයාමාර්ගවලින් අද අපේ රටට ලැබිලා තිඛෙන ප්‍රතිඵලය මොකක්ද කියලා. ආණ්ඩුව අලූත් කරනවා කියලා සිහින තිබුණා. අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්න කි්‍රයාමාර්ග ගැන කතා කළා. නමුත් අද මේ සියලූ දේම යටපත් වෙලා. රටට මොකද වෙලා තිඛෙන ප්‍රතිඵලය? මෙම ජාතිවාදී ගැටුම් මැද මුස්ලිම් කඩ මංකොල්ල කාපු අයට වාසියක් අත්වෙන්න ඇති. නමුත් අපේ රටට ජීවිත 03ක් අහිමි වෙනවා. අන්තිමේදී සිදුවුණු දෙයක් නැහැ.”