විධිමත් ලිංගික අධ්‍යාපනයක් අපේ රටේ ඇති කළ යුතුයි – එරංග ගුණසේකර

 “පෙබරවාරි 14 කියලා කියන්නේ ලෝකය පුරාම ආදරය ගැන වැඩිපුරම කතා කරන දවසයි. මොකද අපි කවුරුත් දන්නවා මේ දවස තමයි ආදරවන්තයින්ගේ දවස, එහෙමත් නැත්නම් වැලන්ටයින් දිනය කියලා කියන්නේ. ඒ වගේම මේ දවස තුළ තමයි ලෝකේ පුරාම රෝස මල්, චොකලට් හා ආභරණ, වගේම උපත් පාලන ඖෂධ හා වෛද්‍ය උපකරණ ආදියත් වැඩියෙන්ම විකිණෙන්නේ. ඒ විතරකුත් නොවෙයි. අපේ රට තුළ වැඩිපුරම හෝටල් කාමර පිරී යන දවසත් මෙයයි. ඒ වගේම මෙතැන් පටන් එළැඹෙන මාසයක එකහමාරක කාලය කියලා කියන්නෙ බොහෝ ගබ්සා මධ්‍යස්ථානවලට වැඩරාජකාරී අධික වන කාලයක්.
ඉතින් මෙවැනි තත්වයක් තුළ සමාජවාදී තරුණ සංගමය ලෙස අප කල්පනා කලා මේ පිළිබඳ වෙනස් විදියෙ කථීකාවතක් සමාජය තුළ ඇති කරගන්න. අපේ රටේ තරුණ තරුණියන්ගේ සැබෑ ආදරයට ඇති සීමා මායිම්, බාධා පිළිබඳව කතා කරන්න. ඊට එරෙහිව පෙරමුණ ගන්න.
ඇත්තෙන්ම අපේ රටේ තරුණ තරුණියන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න හතරක් තිඛෙනවා. එකක් අධ්‍යාපනය. අනෙක රැකියාව. ඉතිරි කාරණා දෙක තමයි ආදරය හා විවාහය. මෙන්න මේ ආදරය හා විවාහය කියන කාරණා සලකා බැලීමේ දී ඒ ගැන කතා කරන්න හොඳම කාලයයි මේ. මොකද මා කලිනුත් කිව්වා වගේ මේ කාලයෙ දි තමයි ලෝකය පුරාම ආදරය ගැන වැඩිපුරම කතා කරන්නේ.
ඒත් පෙබරවාරි 14 වැලන්ටයින් දිනය කියලා නම් කරන්නට මූලික වුනු වැලන්ටයින් සාමිවරයාව අද බොහෝ දෙනෙක් හඳුනන්නේ නැහැ. මේ තිඛෙන තත්වයත් එක්ක කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔහු රෝස මල් හෝ චොකලට් විකුණන වෙළෙන්දෙක්ද කියලා. මොකද අද වෙනකොට ඒ තරමටම මේ දිනය ව්‍යාපාරිකයින්ගේ දිනයක් බවට පත් වෙලා. නමුත් වැලන්ටයින් සාමිවරයා කියලා කියන්නේ තරුණ තරුණියන්ගේ සැබෑ ආදරය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කරපු කෙනෙක්. ලෝක ඉතිහාසයේ මීට අවුරුදු 200කට පමණ ඉහතදී හිටපු සීසර් ගැන අප අසා තිඛෙනවා. ඔහුට තිබුණු යුධ උන්මාදය නිසාවෙන් ඔහුට අවශ්‍ය වෙනවා තමන්ගේ හමුදාවලට වැඩි වැඩියෙන් අවිවාහකයින් බඳවා ගැනීමට. මේ නිසා ඔහු තමන්ගේ රටේ තරුණ තරුණියන්ට විවාහ වීම තහනම් කරමින් නියෝග පනවනවා. ඒත් එදා ඒ අසාධාරණ නීතියට එරෙහි වෙමින් වැලන්ටයින් කියන සාමිවරයා විසින් ආදරවන්තයින්ව තමන්ගේ පල්ලිය තුළ හොර රහසේම විවාහ කරවනවා. අවසානයේ දී ඔහු තරුණ තරුණියන්ගේ සැබෑ ආදරය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පවා පරිත්‍යාග කරනවා. ඒ නිසයි අප වැලන්ටයින් සාමිවරයාගෙන් පසුව සැබෑ ආදරය පිළිබඳවත් ඒ ආදරයට පනවා තිඛෙන අසාධාරණ සීමා පිළිබඳවත් බාධා පිලිබඳවත් සංවාදයක් ඇරඹිය යුත්තේ.
ඇත්තෙන්ම ආදරය හා ලිංගිකත්වය කියන කාරණා එකිනෙක හා සම්බන්ධයි. ඒ නිසාම ඇයි ආදරවන්තයින්ගේ දිනයෙදි වැඩිපුරම හෝටල් කාමර පිරී යන්නේ, ඇයි වැඩි වැඩියෙන් උපත් පාලන ඖෂධ අලෙවි වන්නේ ආදී කාරණා සම්බන්ධයෙන් අප අවධානය යොමු කළ යුතු වෙනවා. ඇත්තම කියනවනම් තමන්ගේ ශරීරයේ සිදුවන විවිධ ලිංගික වෙනස්කම් සම්බන්ධයෙන්, තමන්ගේ ලිංගික අවශ්‍යතා සම්බන්ධයෙන් අපේ රටේ බොහෝ තරුණ තරුණියන්ට විද්‍යාත්මකව තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා බලපාන මූලිකම හේතුව තමයි අපේ රටේ විධිමත් ලිංගික අධ්‍යාපනයක් නොමැතිකම. අද අපේ පාසල් පද්ධතිය තුළ ඉන්න ගුරුවරු පවා ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් කතා කරන්න මැලිකමක් දක්වනවා. ඒ විතරකුත් නොවෙයි. මේ අධ්‍යාපනය විධිමත්ව නොලැබීමේ ප්‍රථීඵල පසුගිය කාලය පුරාම අපට අහන්න දකින්න ලැබුණා. කුරුණෑගල පැත්තේ කුඩා දරුවෙක්ගේ සමීපතමයෙක්ට ඒඩ්ස් වැළඳී ඇති නිසා ඒ දරුවව පාසලන් නෙරපා හරින්න උත්සාහ කළා. එහිදී සමහර ඇමතිවරු කිව්වේ ඒඩ්ස් සුළෙඟන් බෝ වෙනවා කියලයි. ඒ වගේම ඉන් අනතුරුව කැකිරාව ප්‍රදේශයේ පාසලක දැරිවියක්ව පාසලෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුනේ ඇය ගැබ්ගෙන ඇති බවට චෝදනා කරමිනුයි. එහෙත් කිසිඳු සොයාබැලීමකින් තොරව ගත් මේ තීරණය පිළිබඳව පසුව හෙළිදරව් වුනේ ඇය උදෑසන හාමත හේතුවෙන් වමනය කිරීම ගැන වරදවා වටහා ගැනීම මත එවන් තීරණයක් ගෙන ඇති බවයි. ඉතින් හරිම පැහැදිලියි අපේ රට තුළ ලිංගික අධ්‍යාපනයේ විශාල හිඩැසක් තිඛෙන බව.
ඒ නිසායි බොහෝවිට අපේ රටේ තරුණ පරම්පරාව අවිධිමත් ක්‍රම ඔස්සේ ලිංගිකත්වය පිළිබඳ තේරුම් ගන්න, අත්හදා බලන්න යොමුවන්නේ. අපි දැක්කා පසුගිය කාලය තුළ වැඩියෙන්ම අසැබි වීඩියෝ පට නරඹන, එවැනි වෙබ් අඩවි පිරික්සන රට බවට අපේ රට පත්වෙනවා. ඊට හේතු=ව වන්නේ මා කලිනුත් කී විධිමත් ලිංගික අධ්‍යාපනයේ අඩුවයි. කෙසේවුවද අවසානයේ දී සිදුවන්නේ ඒවායේ ඇති විවිධ රැවටිලිකාරී හා ප්‍රෝඩාකාරී දේ සඳහා අපේ රටේ තරුණ පරම්පරාව යොමුවීමයි.
ඒ විතරකුත් නොවෙයි. මේ වන විට අපේ රටේ ගණිකා වෘත්තියේ නියැලෙන්නන් 45,000කට අධික ප්‍රමාණයක් සිටින බවත් වාර්තා වනවා. ඒ වගේම දෛනිකව ඔවුන්ගේ සේවය ලබා ගන්නා ප්‍රමාණය ලක‍ෂ 03ක් පමණ වන බවත් වාර්තා වනවා. මෙහිදී අප සලකා බැලිය යුතු බරපතලම කාරණය තමයි මේත් සමඟම අපේ රට තුළ ලිංගාශි්‍රත රෝග ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස වර්ධනය වීම. ඒ නිසා මේ සියලූ කාරණා සම්බන්ධයෙන් සමාජයක් ලෙස අප සියලූ දෙනාගේ අවධානය යොමුවිය යුතුව තිඛෙනවා.
ඒ වගේම විවාහය කියලා කියන්නෙත් අපේ රටේ තරුණ තරුණියන්ට විශාල ලෙස බලපාන කාරණයක්. එහෙත් අද බොහෝ විට අපට දකින්න තිඛෙන්නේ තරුණයෙක් හා තරුණියක් අතර මානුෂීය බැඳීමක් ගළපනවා වෙනුවට කරන බඩු භාණ්ඩ ගනුදෙනුවක් පමණයි. මෙහිම ප්‍රථීඵලයක් ලෙස අද වනවිට අපේ රටේ සිද්ධ වෙන විවාහවලින් සැලකිය යුතු ප්‍රමාණයක්ම කෙළවර වන්නේ උසාවිවලදි යි. රට තුළ දිනකට විවාහ 500ක් පමණ අලූතෙන් ලියාපදිංචි කරන විට දෛනිකව දික්කසාද නඩුත් 200ක් පමණ වාර්තා වනවා. ඔවුන්ගෙන් විශාල ප්‍රමාණයක් තරුණ වයසේ පසුවන්නන් බවයි සංඛ්‍යා ලේඛන අනුව වාර්තා වන්නේ. මේ තත්වය ඉතා විශාල සමාජ ඛේදවාචකයක් ලෙසයි අප දකින්නේ.
ඒ වගේම අපේ රටේ ක්‍රියාත්මක වන දෑවැදි ක්‍රමය පිළිබඳවත් කථා කළ යුතුමයි. අවුරුදු 1000ක් පමණ පැරණි මේ පීඩාකාරී ක්‍රමය නිසා විශේෂයෙන්ම අපේ රටේ තරුණියන් හා ඔවුන්ගේ පවුල්වල උදවිය ඉන්නේ විශාල පීඩනයකයි. බොහෝ තරුණියන් අවුරුදු ගණන් වැඩබිම්වල නරාදුක් විඳිනවා තමන්ගේ දෑවැද්ද හදාගැනීමට අවශ්‍ය මුදල් හොයන්න. ඒ නිසා අපි සමාජවාදී තරුණ සංගමය ලෙස බලකර ඉල්ලා සිටිනවා මේ පීඩාකාරී දෑවැදි සංස්කෘතිය නීතියෙන් තහනම් කරන්න කියලා.
ඒ නිසා අවසාන වශයෙන් සමාජවාදී තරුණ සංගමය ලෙස අප මේ වැලන්ටයින් දිනයේදී අපේ රටේ සියලූම ආගමික නායකයින්ගෙන්, උගතුන්ගෙන් මෙන්ම ලක‍ෂ සංඛ්‍යාත සහෝදර තරුණ ප්‍රජාවගෙන් ද ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව අපට ඇති සමාජමය වගකීම වෙනුවෙන් එක්වන්න කියායි. ඒ හරහා අපේ රටේ අධ්‍යාපනය තුළට විධිමත් ලිංගික අධ්‍යාපනයක් එක්කිරීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බලපෑම සිදුකළ යුතුයි. එය මුල් වටයේදීම පාසල් තුළ කි්‍රයාත්මක කිරීමට නොහැකිනම් අවම වශයෙන් විශ්වවිද්‍යාල හා උසස් උධ්‍යාපන ආයතන තුළ හෝ කි්‍රයාත්මක කිරීමට අවශ්‍ය කටයුතු යෙදිය යුතුයි. ඒ වගේම අප කලිනුත් සාකච්ඡා කළ පරිදිම අපේ රටේ ක්‍රියාත්මක වන පීඩාකාරී දෑවැදි සංස්කෘතිය ද මුළුමනින්ම නීතියෙන් තහනම් කිරීමට අදාළ පියවර ගත යුතුයි.
එවැනි අත්‍යාවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගනිමින් හා සැබෑ ආදරය පිළිබඳව සමාජය තුළ නව කථීකාවතක් අරඹමින් ආදරයට මිලක් නැති, දෑවැදි නැති, කුලමල නැති හෙටක් වෙනුවෙන් ආදරයේ සීමා බිඳින්න එක්වන්න කියා අප ඔබ සැමට ආරාධනා කර සිටිනවා.”