SYU හා ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති අතර හමුවක්

සමාජවාදී තරුණ සංගමය හා ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති සුහයිර් හම්දලාහ් සයිඩ් මහතා අතර හමුවක් පසුගිය නොවැම්බර් 13 දින ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කාර්යාලයේදී පැවැත්විණි. නොවැම්බර් 29 දිනට යෙදී ඇති ජාත්‍යන්තර පලස්තීන සහයෝගීතා දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිත වැඩසටහන් පිළිබඳව හා දෙරටෙහි දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
මේ සඳහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් අංජන සම්පත් අමරසිංහ සහෝදරයා හා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයා සහභාගී වූහ.