ඉල් මහ විරුවන් සමරයි

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විෙජ්වීර සහෝදරයා ඇතුළු පක්ෂය වෙනුවෙන් දිවිපිදූ සියලූ සාමාජිකයින් සිහි කරමින් පැවැත්වූ 28 වැනි ඉල් මහ විරු සැමරුම කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී පසුගිය නොවැම්බර් 13 දින පැවැත්වීය.
එහි දී ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සහෝදරයා හා ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු පක්ෂ සාමාජික සාමාජිකාවන් විසින් ඉල් මහ විරුවන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු පහන් දල්වා ඔවුනට ගෞරවය දැක්වීය.
මෙහිදී ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත සහෝදරයා සහ ටිල්වින් සිල්වා සහෝදරයා විසින් සමරු දේශන පැවැත්වූ අතර ඉන් අනතුරුව සමරු ගී ප්‍රසංගයක්ද පැවැත්විණි. එහිදී මිත්‍ර කපුගේ, චන්ද්‍රසෝම බිංදුහේවා, ප්‍රසන්නජිත් අබේසූරිය, සූරිය කුමාර මුත්තලගේ හා රන්දිල් ද සිල්වා යන ගායක ගායිකාවන් සම`ග සමාජවාදී කලා සංගමයේ ගායක කණ්ඩායම ගීත ගායනා කළ අතර අශෝක ජයවර්ධනයන් ප්‍රමුඛ වාද්‍ය වෘන්දය විසින් සංගීතය සපයන ලදී. මෙම අවස්ථාවට කලාකරුවන් හා පක‍ෂ සාමාජිකයින් රැසක්ද සහභාගී වූහ.