ඔක්තෝබර් විප්ලවයේ සියවස සැමරේ

ඔක්තෝබර් විප්ලවයේ සියවස් සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාවේ විශාලතම සැමරුම් උත්සවය ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය 27 හා 28 දෙදින පුරා පැවැත්වීය. එය විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ දී පැවැත්වූ අතර සමාරම්භක උත්සවය ජ.වි.පෙ. නායකයින් හා දෙස් විදෙස් ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වි‚. මෙහිදී සමරු ප්‍රදර්ශනයක්, වීදිනාට්‍ය දැක්මක්, පොත් එළිදැක්වීම්, සාහිත්‍ය සංවාද, විකල්ප සංගීත වැඩසටහන්, චිත්‍ර නිර්මාණ වැඩසටහන්, ආදී වැඩසටහන් රැසක් පැවැත්වීය. එහිදී විදෙස් ආරාධිතයන් ලෙස විදේශිය තානාපතිවරු, රුසියානු කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයින් හා සෝවියට් ලේඛිකා ඉරීනා මලෙන්කෝ මැතිණිය ඇතුළු පිරිසක් සහභාගී වූ අතර වි.වි. ආචාර්යවරු, ප්‍රවීන සාහිත්‍යවේදීන් හා කලා කරුවන් ඇතුළු ආරාධිතයන් රැසක් ද සහභාගී වූහ.