මෙවර ලෝක තරුණ උළෙලට SYU නියෝජිතයන් රැසක්

මෙවර රුසියාවේ සෝචි හි දී පැවැත් වූ 19 වන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙලට සමාජවාදී තරුණ සංගමය හා සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් 30 කට අදික පිරිසක් සහභාගි වූහ. ජ.වි.පෙ.  නියෝජනය කරමින් සහභාගි වූ විශාලම පිරිස මෙවර සහභාගි වීම විශේෂ්‍යත්වයක් විය. සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටුව නියෝජනය කරමින් හය දෙනෙකු හා සාමාජිකයන් 20කට ආසන්න පිරිසක් ඒ අතර වූහ. එහි දී විදෙස් තරුණ හා දේශපාලන සංවිධාන විශාල ගණනක් සමඟ ද්විපාර්ශික සාකච්ඡා පැවැත් විය. ජනතා විමුක්ති පෙරමුණට විශාල පිළිගැනීමක් හා ප්‍රසාදයක් එම සංවිධාන තුළ පැවැති අතර එම සම්බන්ධතා දිගින් දිගට පවත්වා ගැනීමත් රටේ දේශපාලන තත්වයත් ලෝකයේ වාමාංශික දේශපාලන කටයුතු පිළිබදවත් වැඩිදුරටත් සාකච්ඡා විය.
එම උළලේදි අපේ රටේ තරුණයන්ගේ ගැටලූ, සයිටම් ගැටලූව සම්බන්ධයෙන්, උතුරුමැද පලාතේ වකුගඩු රෝගය පිළිබඳව, විරැකියාව, අධ්‍යාපන පුද්ගලීකරණය පිළිබදව, මාධ්‍ය සම්බන්ධව, හා කියුබාවට, වෙනිසියුලාවට, උතුරුකොරියාවට, පලස්තීනයට සහයෝගය පතන වැඩසටහන් ආදී දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත් විය. පසුගිය ඔක්තෝබර් 14 ආරම්භ කර 22 උළෙල නිමාවට පත්විය.