සමාජවාදී තරුණ සංගමය හා කියුබානු තානාධිපතිනිය අතර හමුවක්

සමාජවාදී තරුණ සංගමය හා ශ්‍රී ලංකා කියුබානු තානාධිපතිනි ජුවානා එලේනා රොද්‍රිගෝ මහත්මිය අතර හමුවක් අද (04) දින කියුබානු තානාපති කාර්යාලයේදී පැවැත් විය. ලොවපුරා වෙසෙන තරුණ තරුණියන්ගේ ආදරය සහ ගෞරවය දිනාගත්, අසාහය නායකයෙකු වු අර්නෙස්ටෝ චේගෙවාරා සහෝදරයා ඝාතනය කර මෙම වසරේ ඔක්තොම්බර් මස 08 වැනි දිනට වසර 50 ක් වීම හා සමාජවාදී තරුණ සංගමය සෑම වසරකම ඔක්තෝබර් 08 දින පවත්වනු ලබන “චේ දිනය” පිළිබඳ දැනුවත් කිරීම සඳහාය.
මෙම අවස්ථාව සඳහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා සහ සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන සම්පත් අමරසිංහ සහෝදරයා සහභාගි විය.
මෙහි දී දෙරට අතර දේශපාලන තොරතුරු සාකච්ඡා වූ අතර විශේෂයෙන්ම කියුබානු ජනරජයට එක්සත් ජනපදය විසින් කියුබාවට පනවනු ලැබු වෙළඳ සහ ආර්ථීක සම්බාධකවලට තම සංගමය එකහෙලා විරුද්ධ වන බව එරංග ගුණසේකර සහෝදරයා පවසා සිටියේය.
එහි දී අදහස් දැක් වු එලේනා රොද්‍රිගෝ මහත්මිය ප්‍රකාශ කර සිටියේ එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල් ට්‍රම්පට් කියුබාවට එරෙහිව කටයුතු කළ ද ලෝකයේ අනෙකුත් රාජ්‍යන් සමඟ පවත්වනු ලබන සුහදශීලී රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා හේතු කොටගෙන එක්සත් ජනපදයේ ක්‍රියාමර්ගයන් පරාජය කරමින් තම රට ශක්තිමත්ව නැගී සිටින බවයි.

Image may contain: 3 people, people sitting