සහෝදරත්වය රැගෙන ත්‍රිකුණාමලයට

සමාජවාදී තරුණ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන සහෝදරත්වයේ දිනය මෙවරත් ජූලි 23 දින පැවැත්වීය. ඒ වෙනුවෙන් සංවිධානය කරන ලද සහෝදරත්වයේ තෙදින මෙහෙයුම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ පැවැත් වූ අතර “ජාතිවාදය කා සඳහාද?” සම්මන්ත්‍රණය කොළඹ දී පැවැත්විය. තෙදින මෙහෙයුම ජූලි 21 සිට 23 දක්වා පවත්වන ලද අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගල්කඩවල, අව්වේ නගර්, මුතූර් නැගනහිර හා විලාන් කුලම් යන ගම්මානවලදී විවිධ වැඩසටහන් පැවැත්වීය. එහි දී වෛද්‍ය සායන, වකුගඩු සායන, චිත්‍ර වැඩමුළු, ශ්‍රමදාන, වතුරෆිල්ටර් අලූත් වැඩියාව සහ සංස්කෘතිික ප්‍රසංග ආදි විවිධ වැඩසටහන් පවත්වමින් ජාතිකත්වයන් අතර සමගිය හා සහෝදරත්වය
වර්ධනය කරවීමට උත්සහ ගැනුණි.
එසේම ජූලි 23 දින ති්‍රකුණාමල නගරයේදී “ජාතිවාදය එපා” සිංහල දෙමළ මුස්ලිම් අපට එක්ව ඉන්න ඉඩදියව්˜ යන මැයෙන් දැවැන්ත උද්ඝෝෂණ පාගමනක් හා රැලියක් පවත්වල ලදී. මෙම උද්ඝෝෂණ පා ගමන ස`දහා සිංහල, දෙමළ, මුස්ලිම් තරුණ තරුණියන් විශාල පිරිසක් සම්බන්ධ වූහ.
ජූලි 31 දින දීද ඉහත තේමාව යටතේම තවත් උද්ඝෝෂණයක් හා “ජාතිවාදය කා සඳහාද?” යන මැයෙන් සම්මන්ත්‍රණයක් කොළඹ දී පැවැත්වීය. උද්ඝෝෂණය කොළඹ විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපිට දී පැවැත්වූ අතර සම්මන්ත්‍රණය කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත්වීය. මේ සඳහා ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහෝදරයා, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, සාමය සඳහා වූ ජාත්‍යන්තර තරුණ එකමුතුවේ තිරුකුමාර් ප්‍රේමකුමාර් මහතා, අශෝක් ස්ටීවන් පියතුමා හා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා ද සහභාගී වූහ.